වෙබ් අඩවි නිර්මාණය

HTML -hyper text markup language

දුරස්ථව  තොරතුරු සන්නිවේදනය සදහා 1992 වසරෙදී  sir tim berners lee නම් යුරෝපියානු භෞතික විද්‍යාගාරයක් තුල www හෙවත්  world wide web ( විශ්ව විසිරි වියමන) නිර්මානයෙන් පසුව ඒ සදහා ගැලපෙන   සලකුනු කිරීමේ භාෂාවක් අවශ්‍ය විය ඒ සදහා html භාෂාව යොදා ගන්නා ලදී. html යනු  වෙබ් අඩවි නිර්මාණය සදහා යොදා ගන්නා භාෂාවකි මෙ සදහා යොදා ගන්නා තවත් භාෂා ලෙස php,jsp,java දැක්විය හැක.

html
  • H-අකුරෙන් අදහස් කෙරෙන්නේ hyper (අධි) යන්නයි.

  • T-අකුරෙන් අදහස් කෙරෙන්නේ text (පාඨ)යන්නයි.

  • M-අකුරෙන් අදහස් කෙරෙන්නේ markup (සලකුණු) යන්නයි.

  • L-අකුරෙන් අදහස් කෙරෙන්නේ language (භාෂාව) යන්නයි





එනම් එහි අදහස “අධි පාඨ සලකුණු කිරීමේ භාෂාව”  යන්නයි ‍.මෙය පරිඝණක භාෂාවක් නොවන අතර මෙය සලකුනු කිරීමේ භාෂාවකි.මෙමගින් වෙබ් අඩවියක් කේතකරනය ‍ කර නිර්මාණය කල හැක.මෙම කේතකරණයට පහසුවෙන්ම text edittor මෘදුකාංගයක් යොදා ගත හැක යොදා උදා-notepad,editpad, නිර්මාණය කරණ වෙබ් පිටුව දර්ශනය කිරීම සදහා ගවේශක (web browser)   මෘදුකාංගයක් ද  උදා- opera, Google chrome ,Mozilla firefox,Safari,Internet explorar,  අවශ්‍ය වේ.html භාෂාව SGML (standed general markup language) යන භාෂාවේ කොටසක් ලෙසින්ද හදුන්වනු ලබනවා මෙම භාෂාව මඟින් වෙබ් පිටුවකට   අකුරු,පිංතූර,ශබ්ද,දර්ශන පට, වැනි බොහෝ දෑ ඇතුලත් කිරීමට සහාය දක්වන නිසා  මෙය බොහෝ ජනප්‍රියතාවයට පත්වද ඇත.

වෙබ් අඩවියක් ක්‍රියාත්මක වන ආකාරය

වෙබ් අඩවියක් අන්තර්ජාලය තුල ඇත්තේ server නම් සේවාදායකයක් තුලයි.අපගේ පරිඝණකයෙ ඇති web browser එකක් මගින් වෙබ් අඩවියක් නමක් සදහන් කර එම වෙබ් අඩවිය ලබා දෙන මෙන් ඉල්ලා සිටිය විට එම සේවාදායකය අවශ්‍ය වෙබ් අඩවියේ කේතයන් ගොනුවක් ලෙස ලබා දෙයි එවිට පරිගණකයේ ඇති web browser එක මගින් එම කේතයන් පිටපත් කර විකේතනය කරමින් පරිශීලකයා හට දර්ශණය කරයි.

වෙබ් අඩවිය වර්ගී කරණය
වෙබ් අඩවි ප්‍රධාන වශයෙන්  කොටස් දෙකකට වර්ග කරයි.
  1. ගතික වෙබ් අඩවි(dinamic web sites):අලංකාරවත් විශේශාංග සහිත ආකර්ශණීය වෙබ් අඩවි.
  2. ස්තතික වෙබ් අඩවි(static web sites): ‍වේගවත් සරල පෙනුමකින් සහිත වෙබ් අඩවි.

වෙබ් අඩවියක් නිර්මාණය කිරීම සදහා භාවිතා කරණ ‍මෘදුකාංග
  1. සරල පාඨක සංස්කරණ යෙදුම්-text edittor (notepad)
  2. විශයානුබද්ධ කේත භාවිතා කරන යෙදුම්-object edittor (edit plus,edit++)
  3. නිර්මාණක යෙදුම්-web designing software (artisteer,template toaster,adobe dreamweawer)

දැනට මේ ඇති
html වල තවත් ඉස්සරහට කතාකරමු තවත් දවසක එතකන් 
comment එකක් එහෙම දාල යන්න ලොකු උදව්වක් ‍facebook page එකට like කරන්නත් අමතක කරන්න එපා හොදේ….good bye!

No comments:

Post a Comment

ලිපිය ගැන අදහසක් දාලම යන්න