විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ වර්තමාන තත්වය

ශ්‍රී ලංකා  විශ්වවිද්‍යාල පද්ධතිය තුල 2015-2016 අධ්‍යන වර්ශයෙන් ආරම්භ වූ තාක්ෂණවේදී උපාදි පාඨමාලාව මේ වනවිට කනගාටුදායක තත්වයකට ඇදවැටී ඇත. දැනට ශ්‍රී ලංකාවෙ විශ්වවිද්‍යාල  දහයක පමණ මෙම තාක්ෂණපීඨ ආරම්භ කර ඇති අතර අවම පහසුකම් යටතේ අධ්‍යන කටයුතු සිදුකෙරේ ඉන් සමහරක් විද්‍යාපීඨ වල එක් දෙපාර්තමේන්තුවක් ලෙස ක්‍රියා කරයි.මේ සදහා විද්‍යාගාර පහසුකම්,නේවාසිකාගාර පහසුකම් තවමත් සපයා නොමැති අතර ඒසදහා ප්‍රතිපාදන යෙදවීමත් ගැටලු සහගත බවද, අධ්‍යයන  කටයුතුද ක්‍රමානුකූල නොවන බවද ,උපාධි පිරිනැමීම පෙර කියූ පරිදි  නොවන බව හා තවත් ගැටලු බොහොමයක් ඉදිරිපත් කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලයෙ කැදවුම්කරු හා තාක්ෂණ පීඨවල නියෝජිතයන් එක්ව මාධ්‍ය සාකච්චාවක් පැවැත් වූ අතර මේ සදහා රජය විසදුම් ලබාදිය යුතු බවත් එසේ නොවුවහොත් සියලු විශ්වවිද්‍යාල වල තාක්ෂණපීඨ වල සිසුන් විරෝධතාවකට එලබෙන බවද පැවසීය‍.





No comments:

Post a Comment

ලිපිය ගැන අදහසක් දාලම යන්න